උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් මේ වසරේ දී ශ්‍රී ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණය ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
යාපනය, මන්නාරම සහ මුලතිව් නගර කේන්ද්‍ර කරගනිමින් මෙම පොල් ත්‍රිකෝණය ආරම්භ කරයි.
සැප්තැම්බර් 2 වැනිදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් මෙම පොල් ත්‍රිකෝණය අරඹන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ ජනාධිපති කාර්යාල මාධ්‍ය ඒකකයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මේ බව කීය.
(අංජුල මහික වීරරත්න)