18
May
ළමුන් පැහැරගැනීමේ උත්සහයක කිසියම් පිරිසක් නිරත වෙන්නේ යැයි බියක් හේතුවෙන් මේ දිනවල උතුරේ ප්‍රදේශ කිහිපයක ජනතාව විසින් සැකකටයුතු පුද්ගලයින්ට පහරදීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි. කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ සැකකටයුතු වෑන් රථයක් නිරීක්ෂණය වූ ගම්වාසීන් පිරිසක් විසින් (16) දින සවස අදාළ වෑන් රථය පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර පසුව වෑන් රථයේ සිටි පුද්ගලියින් තිදෙනෙකු පහරකෑමට බියෙන් නිවසක කාමරයකට ඇතුල් වී ඇත. පසුව ගම්වාසීන් විසින් ඔවුන් පැමිණි වෑන් රථයටද හානි කොට නිවසේ ජනෙල් කඩා අදාල සැකකරුවන්ටද පහරදී පොලීසියට භාරදී ඇති අතර ගම්වාසීන්ගෙන් පහරකෑමෙන් තුවාල ලැබූ එම සැකකරුවන් තිදෙනා කිලිනෝචිය රෝහලට ඇතුලත් කල බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය. අදාල සැකකරුවන්ගෙන් පොලීසිය ප්‍රශ්න කිරීමේදී…