සෙල්ෆි ගන්න ගිහින් දුම්රියෙන් ඇදවැටී බරපතල තුවාල

සෙල්ෆි ගන්න ගිහින් දුම්රියෙන් ඇදවැටී බරපතල තුවාල

සෙල්ෆි ගන්න ගිහින් දුම්රියෙන් ඇදවැටී බරපතල තුවාල

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියේ පැමිණි 15 හැවිරිදි පිරිමි දරුවකු ඊයේ 22 සවස ඔහිය ඉදල්ගස්හින්න අතර දී දුම්රියෙන් ඇදවැටී බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.   මෙසේ අනතුරට පත් වී ඇත්තේ දස්කුවෙල් ආරච්චිගේ ගිහාන් නමැති පහළොස් හැවිරිදි පිරිමි දරුවෙකි. දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ  පාපුවරුවේ පැමිණි බව කියන දරුවා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් ඕහිය ඉදල්ගස්හින්න අතර ඇති  බිංගෙය ක වැදී දුම්රියෙන් ඇද වැටී ඇති බවයි.  තුවාල ලබා සිටි දරුවා එම දුම්රියෙන්ම  හපුතලේ දුම්රිය ස්ථානයට රැගෙනවිත් 1990 සුවසැරිය ගිලන් රියකින් ඔහු දියතලාව මූලික රෝහල වෙත රැගෙන ආ බව ද පොලීසිය කියයි. 
Read More