27
Apr
සුඩාන ජනරජයේ අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන අවශ්‍යතාව බවට පත්ව ඇතැයි විදේශ කටයුුතු අමාත්‍යාංශය කියයි. වර්තමානයේ සුඩානයේ පවතින ආරක්ෂක තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණය කරන ශ්‍රී ලංකාව, එහි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කරගැනීම සඳහා ඉන්දීය රජය සහ සෞදි අරාබිය ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරන බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කයිරෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කාර්ටූම් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය, ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ඉවත් කරගැනීම සඳහා සුඩාන බලධාරීන්, කාර්ටූම් හි ඉන්දීය තානාපති කාර්යාලය ඇතුළු කාර්ටූම් හි අදාළ පාර්ශ්ව සමඟ නිරන්තර සබඳතා පවත්වන බවද අමාතයාංශය දන්වා සිටියි. අද…