21
May
පෘතුවිය තුල පිහිටි අඩුම ගුරුත්වාකර්ෂණ බලය සහිත ප්‍රදේශය ශ්‍රී ලංකාවෙන් බව නාසා ආයතනය පවසා තිබෙනවා. අඩු ගුරුත්වාකර්ෂණය පෘථිවියෙන් ස්භාවිකවම අපට ලැබුණු දායාදයක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. ගුරුත්වාකර්ෂණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් මහාචාර්යවරයා ඒ බව සඳහන් කළේය. "ගුරුත්වාකර්ෂණය අඩු නිසා පොළොවේ ඉඳන් කිසියම් දෙයක් ඉහළට විසිකරන කොට අපි ලබාදීමට අවශ්‍ය ශක්තිය අනෙක් තැන්වලදී කරනවාට වඩා අඩුයි. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත්.. රොකොට්ටුවක් කක්ෂගත කරන්න අමෙරිකාවේ කැනවරල් තුඩුවෙන් යොදන ශක්තියට වඩා අඩු ශක්තියකින් අපේ ලංකා භූමියෙන් රොකොට්ටුවක් ඉහළට ඔසවන්න පුළුවන්. එයත් ආර්ථික වශයෙන් ගත්තාම ඩොලර්ස් වලින් බැලුවොත් විශාල අගයක්. සර් ආතර් සී ක්ලාක් කිව්වා ලංකාව හොඳ ස්ථානයක් අභ්‍යවකාශයට…