18
Apr
මැදිරිගිරිය බිසෝපුර ප්‍රධාන මාර්ගයේ වටදාගෙය හතර මංසන්ධිය ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් ඒකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පාසල් දියණියක් මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ බිසෝබණ්ඩාරගම කේ.ඒම් සංජනා සත්සරණි ජයරත්න නමැති මැදිරිගිරිය ජාතික පාසලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියකි. මෙම දැරිය සහ ඇගේ තමත් යෙහෙලියන් පස් දෙනකු සමග නවනගරය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. අනතුරින් සියලු දෙනාම තුවාල ලබා රෝහල් ගත කර ඇත. මොවුන් කොහොඹදමන ප්‍රදේශයේ සිට නවනගරය දෙසට ගමන් කරමින් සිටියදී බිසෝපුර ප්‍රදේශයේ සිට මැදිරිගිරිය ප්‍රදේශයට ගමන් කළ ලොරි රථයක ගැටීමෙන් ත්‍රීරෝද…