19
Apr
ජනාධිපති කාර්යාලය සහ රජයේ අමාත්‍යාංශ එක්වී සංවිධානය කරනු ලබන “වසත් සිරිය 2023” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් සඳහා අයදුම් පත් කැඳවීම ආරම්භ කර තිබේ. සියලු අයදුම්පත් www.pmd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය. “වසත් සිරිය” අවුරුදු කුමරා/ කුමරිය (විවෘත) තරගය සඳහා මාස 03ක් ඇතුළතදී ගත් වර්ණ ඡායාරූපයක් සමග අයදුම් කළ යුතු වේ. සියලු අයදුම්කරුවන් වයස අවුරුදු 20-35 අතර අවිවාහක අය විය යුතුය. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය chiefacct.pd@presidentsoffice.lk විද්‍යුත් ලිපිනය වෙත 2023.04.20 දින ප.ව 3.00ට පෙර ලැබීමට සැලැස්විය යුතුය. පළමු, දෙවන සහ තෙවන ස්ථාන සඳහා රන් ආභරණ සහිත වටිනා ත්‍යාග පිරිනැමේ. තරග කොන්දේසි සම්බන්ධ අවසාන තීරණය සංවිධාන කමිටුව සතු වන…