රට වෙන්දේසි ලන්තයක් කරලා

“රට වෙන්දේසි ලන්තයක් කරලා”

“රට වෙන්දේසි ලන්තයක් කරලා”

ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය රට වෙන්දේසි ලන්තයක් බවට පත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී  පැවසීය. රජයේ අකාර්යක්ෂම පාලනය හේතුවෙන් ලෝකයේ ධන කුවේරයන්ට රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමේ වෙන්දේසියක් ක්‍රියාත්මක බවත් ලාභ ලබන ආයතන පවා විකුණා දමමින්  දුටු දුටු දේ නියැලෙන ප්‍රතිපත්තියක රජය  නිරතව ඇති බවත්  විපක්ෂ නායකවරයා සඳහන් කළේය. කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී  අයි. එම්. එෆ්. ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. පාඩු ලබන ආයතන ලාභ ලැබීමටත් ලාභ ලබන ආයතන තවදුරටත් වැඩි ලාභයක් ලබන ආයතන ලෙස පරිවර්තනය කිරීමටත් නව මොඩලයක් අවශ්‍ය වුවත් රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ නිසි වැඩපිළිවෙළක් නොමැතිව…
Read More