යාපනයේ චෙල්ලයියා රැවුලෙන් වාහනයක් අදිමින් දස්කම් පායි

යාපනයේ චෙල්ලයියා රැවුලෙන් වාහනයක් අදිමින් දස්කම් පායි

යාපනයේ චෙල්ලයියා රැවුලෙන් වාහනයක් අදිමින් දස්කම් පායි

යාපනයේ, මට්ටුවිල් ප්‍රදේශයේ වයස අවුරුදු පනස් නවයක පුද්ගලයකු සිය රැවුලේ ආධාරයෙන් වාහනයක් ඇදගෙන ගොස් ඔහුගේ දස්කම් ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කොට තිබේ. චෙල්ලයියා තිරුචෙල්වම් නැමැති මොහු වෑන් රථය සිය රැවුලේ අධාරයෙන් ඇදගෙන ගොස් ඇත්තේ යාපනයේ, මට්ටුවිල්, අයින්කරන් ප්‍රදේශයේ සිට කිලෝ මීටර් දෙකක් දුරකටය. රැවුලට රෙදි පටි ගැට ගසා ඒ රෙදිපටි එක්කොට කඹයක ගැට ගසා ඒ කඹයෙන් වාහන ඇදගෙන යාම ඔහු කලක සිට කරගෙන යන ක්‍රියාවක් බව යාපනයේ වැසියන් ප්‍රකාශ කරණ අතර ඔහු මේ දක්වා ඒ සම්බන්ධයෙන් වූ කිසිදු තරගයකට සහභාගී වීමට හෝ ගිනස් වාර්තාවක් තැබීමට උනන්දු වී නොමැති බවද යාපනයේ වැසියෝ කියා සිටියහ.දිනසේන රතුගමගේ
Read More