08
May
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය වසර පහකට අධික කාලයකින් බලපත්‍රය යාවත්කාලීන කර නොමැති වාහන ලක්‍ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් අසාදුලේඛණගත කිරීමට තීරණ කර ඇති බවත් එම වාහනවල ලියාදිංචි අයිතිකරුවන්ට ලියාපදිංචිය අලුත්කර අසාදුලේඛණයෙන් ඉවත්විය හැකි බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ලක්‍ෂ 90 කට ආසන්න වාහන අතරින් වසර පහකට වැඩි කාලයක් බලපත්‍රය අලුත්කර සහ තොරතුරු නොමැති වාහන මෙලෙස අසාදුලේඛණගත කරන බවත් ඊට අදාල කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවාය. ලියාපදිංචි සමස්ත වාහනවලින් ලක්‍ෂ 55 ක් පමණක් වාර්ෂික බලපත්‍ර අලුත් කර ඇති බවත් වාහන බලපත්‍ර නිකුත් කිරීමට අනිවාර්යයෙන්ම ගත යුතු…