05
May
පොල්ලකින් පහර දී සිය පෙම්වතිය ඝාතනය කල පෙම්වතෙකු පල්ලෙකැලේ පොලිසිය විසින් අද (05) අත්අඩංගුවට ගෙන ඇත. පහරදීමෙන් ඝාතනයට ලක් වී ඇත්තේ තිස් පස් හැවිරිදි පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකාරියක්ය. පෙම්වතියට තවත් පෙම්වතුන් සිටින බවට ඇති වූ සැකය මත දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම මෙම පහරදීමට හේතුව බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.