11
May
මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (11) සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර වශයෙන් ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීම සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේය. "මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පෙට්‍රල් ත්‍රීවිල් විදුලි ත්‍රීවිල් බවට පරිවර්තනය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතියක් පටන් ගන්නවා අද සිට. ඒ අනුව තෝරාගන්නා ලද පෙට්‍රල් ත්‍රීවිල් 300ක් විදුලි ත්‍රීවිල් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය කටයුතු කරනවා. මේ සඳහා අපිට සම්පූර්ණ මුල්‍ය ආධාර ලබාදෙනවා UNDP ආයතනය විසින්. එතකොට ත්‍රීවිල්හිමියන්ට වියදමක් වෙන්නේ නෑ සතයක්වත් මේ ත්‍රීවිල්…