26
Apr
ස්ථාන මාරු කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීමේ බලයක් නැතැයි දකුණු පළාත් බර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ලිපියක් මගින් එම අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාට දැනුම් දී ඇත. ඒ අනුව එම නියෝගය පිළිපැදීමට තමන් බැඳීම් නොමැති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ලිපියෙන් සඳහන් කර තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු පොලිස් කොමිසම විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට නියෝග නිකුත් කරනු ලැබුවේ ඊයේ (25) දිනයේදීය. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊට එරෙහිව මෙම ලිපිය යොමු කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්…