07
Apr
උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ 9 දෙනෙකුට අඟුණකොළපැලැස්ස අධිකරණය රුපියල් ලක්ෂ 9ක දඩ නියම කර තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරනවා. බිත්තර වැඩි මිලට විකිණීම සම්බන්ධයෙන් මේ වන විට වැටලීම් 376කට ආසන්න ප්‍රමාණයක් රට පුරා සිදු කර ඇති අතර, වැඩි මිලට බිත්තර අලෙවි කරන සහ බිත්තර සඟවා තබා ගන්නා වෙළෙඳුන්ට එරෙහිව වැටලීම් සහ නඩු පැවරීම් තවදුරටත් ක්‍රියාත්මකයි. බිත්තර වැඩි මිලට අලෙවි කිරීමට වැරදිකරු වන තනි පුද්ගල ව්‍යාපාරයකට රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 5 දක්වාත්, සමාගමකට රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 50 දක්වාත් දඩ මුදල් නියම කෙරෙනවා. සුදු බිත්තරයක් රුපියල් 44කටත් රතු බිත්තරයක් රුපියල් 46කටත් අලෙවි…