26
Apr
තම බිරිඳගේ ඇඳුම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක්, ආරවුලක් දක්වා දිව දුරදිග ගොස් සිත් තැවුලට පත්ව සියදිවි හානි කරගත් සිවිල් ආරක්ෂක සෙබළකු ගේ සිරුරක් ඊයේ ( 24දා) සොයා ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඒ. දුලීප් කවිෂ්ක අබේසිංහ නැමති සිප්පුකුලම අඹගහවෙල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. දරුවන් උපකාරක පන්ති රැගෙන යාම සඳහා බිරිඳ සුදු ඇඳුමකින් සැරසුණු අවස්ථාවේදී මරණකරු විසින් බිරිඳට පාට ඇඳුමක් ඇඳ ගෙන යන ලෙසට බැන වැදීමෙන් අනතුරුව, ඉකුත් 23 දා එම නිවසේ බහින් බස් වීමක් ඇති ව තිබූ බව පොලිසිය කියයි. දරුවන් උපකාරක පංතියට ඇරලවීමට ගිය අවස්ථාවේදී සැමියා විසින් දුරකථන ඇමතුමක් ලබා ගෙන, යළි නිවසට පැමිණිය…