11
May
කළුතර ප්‍රදේශයේ සිසුවියන් 16දෙනෙකු පමණ අපයෝජනය කර ලිංගික හිරිහැරයට පත් කළ බව පැවසූ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු ප්‍රකාශයක් ලබාදීම සඳහා කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණි අවස්ථාවේ දී එලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු දැරියන්ට ලිංගික අතවර කිරීම් සිදුකරන අතරතුර සිදුකළ වීඩියෝ පටිගත කිරීම් 16ක් සම්බන්ධයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බව කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කළේය. කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න…