තිස්සගෙන් චෝදනාවක්

තිස්ස ගෙන් චෝදනාවක්

තිස්ස ගෙන් චෝදනාවක්

තමන් එක්සත් ජාතික පක්ෂයට නොයන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවේ ඇමති ධූර බාර නොගන්නා බවත් සජබ ජාතික සංව්ධායක තිස්ස අත්තනායක මහතා පැවසීය. සිය නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු ඒ බව පැවැසීය. "සජබෙන් 40, එජාපය ට යන බවටත් සජිත් ප්‍රේමදාස මහතා අගමැති තනතුර බාර ගන්නා බවටත් මේවනවිට විවිධප්‍රචාර ගෙන යනවා. රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ ජනාධිපති නොවෙයි ඔහු පොහොට්ටුවේ ජනාධිපති බොරු ප්‍රචාර යවමින් අපේපාක්ෂිකයන්ගෙ මනස අවුල් කරනවා අපිට පුලුවන් ආණ්ඩුවක් හදන්න සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා කරන්න. ඒ නිසා බොරු ප්‍රචාර ගෙනියන්නේ නැතිව හැකිනම් මැතිවරණය ක් පවත්වන්න. එතකොට ජනවරමක් තිබෙන්නේ කාටද කියා දැනගත හැකියි" පල්ලෙපොල තිලක් ජයවර්ධන
Read More