05
May
චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකයකු පැහැර ගෙන ගොස් පහර දී මහමඟ දමා ගිය සිදුවීමට සම්බන්ධව පස්දෙනෙකු වැලිමඩ පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. තුන් වැනිදා සවස වැලිමඩ නුවරඑළිය මාර්ගයේ ගමන් කරමින් සිටිය දී මෙලෙස නිෂ්පාදකවරයා පැහැර ගෙන ගොස් ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර වාහන සීසර් වරුන් තිදෙනෙකු, හොටෙල් සේවකයෙකු සහ තවත් එක් පුද්ගලයෙකු සිටින බව වැලිමඩ පොලිසිය පවසයි. කොළඹ ප්‍රදේශයේ සිටින ටාසන් නැමැත්තෙකු විසින් මෙම පැහැරගැනීම මෙහෙයවා ඇති බවටයි නිෂ්පාදකවරයා පොලීසියට පවසා ඇත. සැකකරුවන් විසින් පැහැර ගැනීමට යොදාගත් යොදා ගත් වෑන් රථය ද පොලිස් බාරයට ගෙන තිබේ.