ජී.ආර්. පෙරේරා දිවි මඩලින් සමුගනී

ජී.ආර්. පෙරේරා දිවි මඩලින් සමුගනී

ජී.ආර්. පෙරේරා දිවි මඩලින් සමුගනී

ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. දීර්ඝ කාලයක් පුරා අසනීප තත්ත්වයෙන් සිට ඇති ඒ මහතා අද (01) උදෑසන නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇත. දශක පහකට අධික කාලයක් රූපවාහිනී ටෙලිනාට්‍ය 600කට අධික සංඛ්‍යාවකට සිය දායකත්වය දක්වා ඇති ජී. ආර්. පෙරේරා මහතා මියයන විට 83 වන වියේ පසුවුණි. සිනමාව, වේදිකාවේ සහ රූපවාහිනියේ එකසේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා විශිෂ්ට රංගන වෙනුවෙන් සම්මාන රැසක් හිමිකරගත් රංගන ශිල්පියෙකි.
Read More