ගෙල කපා ඝාතනය කල දෙදරු මවකගේ අපරාධය

ගෙල කපා ඝාතනය කල දෙදරු මවකගේ අපරාධය

ගෙල කපා ඝාතනය කල දෙදරු මවකගේ අපරාධය

කළුතර උතුර ප්‍රදේශයේ නිවසක් පිටුපස ගෙල කපා ඝාතනය කර සිටි දෙදරු මවකගේ සිරුරක් සොයාගත් බව කළුතර උතුර පොලීසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර කැලිඩෝ පාරේ පදිංචිව සිටී වික්‍රමාරච්චිගේ ප්‍රේමවතී නැමැති කාන්තාවක් බව පොලිසිය සඳහන් කළේය. අද (27) අලුයම නිවස පිටුපස ගෙලෙහි කැපුම් තුවාල සහිතව එම කාන්තාව වැටී සිටින අයුරු දැක පුද්ගලයෙක් විසින් පොලීසිය දැනුවත් කර ඇත. කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
Read More