11
May
අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තාට තලංගම කොස්වත්ත ප්‍රදේශයේ දී පහර දී ඔහුගේ රථයට හානි කිරීම සම්බන්ධයෙන් කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න ඊයේ (10දා) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි. හිටපු නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවද පොලිසීය පවසයි. පහරකෑමට ලක් වූ ප්‍රියත් නිකේෂල නැමැත්තා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුලුපිරිසක් පැමිණ මෙම පහරදීම සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි. ඉකුත් වසරේ මැයි මාසයේදී අරගලකරුවන් විසින් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුලු පිරිසක් පහරදී බේරේ වැවට…