02
May
ඌව පළාතේ ප්‍රථම ප්‍රධාන ලේකම්වරිය ලෙස දමයන්ති පරණගම මහත්මිය මේ මස (4) දා වැඩ බාරගැනීමට නියමිතය . දමයන්ති පරණගම මහත්මිය බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කළාය. වසර 25 ක කාලයක් රාජ්‍ය සේවයේ නියුතු පරණගම මහත්මිය ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි . රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන පරණගම මහත්මිය කැළනිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යා ශාස්ත්‍රපති උපාධියද, ව්‍යාපාර පරිපාලය පිළිබදව පශ්චාත් උපාධියද ලබාගෙන තිබේ . අගුණුකොලපැලැස්ස සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස රාජ්‍ය සේවයට බැදී ඇති පරණගම මහත්මිය , බෝපේ පෝද්දල , සහකාර ලේකම්වරිය ලෙසද කටයුතු කර තිබේ . ඉක්බිති අක්මීමන ප්‍රාදේශීය ලේකම්වරිය ලෙසත් හික්කඩුව ප්‍රාදේශීය ලේකම්වරිය ලෙසත් කටයුතු කරතිබේ . අතිරේක…