27
Apr
මාතර ඇලවේල්ල ප්‍රදේශයේ දී දුම්රියක ගැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මාතර මූලස්ථාන පොලීසිය පැවසුවේ ඊයේ (25) රාත්‍රීයේ මෙම අනතුර සිදුවූ බවයි. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූයේ හිත්තැටිය නැගෙනහිර පදිංචිව සිටි දෙව්මීණි සදරුවනි නැමැති 16 හැවිරිදි සිසුවියකි. ඇය හිත්තැටිය ධර්මරාජ විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියකි. තවත් මිතුරියන් තිදෙනෙකු සමග දුම්රිය මාර්ගය දිගේ වෙනත් මිතුරියකගේ උපන් දින සාදයක් සහභාගී වීම සඳහා යමින් සිටියදී ඇය මෙම අතරතුරට ලක්ව තිබේ.