18
Apr
තමා දිවි හානි කරගත් බවට සමාජයට ඇඟවීම සඳහා යාචකයෙකු ඝාතනය කොට එම මළසිරුර හුවා දක්වමින් පොලීසිය නොමඟ යැවීමට උත්සාහ කළ අයෙකු පිළිබඳව පලුගස්වැව ප්‍රදේශයෙන් වාර්තා විය. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ සැකකරු පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණයේ තමාට එරෙහිව පවතින නඩුවලින් බේරීමට මෙලෙස සිදුකළ බවය. හබරණ පලුගස්වැව කුඩා රඹෑවේ ගල් වැඩපොළක් ආසන්නයේ තිබී පිළිස්සී මියගිය පුද්ගල මළ සිරුරක් හබරණ පොලීසියට හමුවන්නේ 2021 ඔක්තෝබර් 29 වනදාය. හඳුනාගත නොහැකි තරමට පිළිස්සී තිබූ මළසිරුරට මඳක් ඈතින් වැටී තිබූ කඩදාසියක සටහන්ව තිබූ ලිපිනයක් එහිදී පොලීසියට හමුවී තිබුණි. ඒ අනුව, මියගොස් තිබුණේ පලුගස්වැව පදිංචිකරුවෙකු වූ සුදේෂ් ඉලංගසිංහ නමැති 26 හැවිරිදි අයෙකි. එහි ලිපියක් ද…