20
May
සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්, අසමත් බව නොසලකා 12 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර වෘත්තීය පුහුණුව ලබාදී උසස් පෙළ විභාගයේදී අධ්‍යාපන සහතිකය වෙනුවට දහතුන් වසරක පාසල් කාර්ය දර්ශකය සහ ජාතික වෘත්තීය සුදුසුකම් 4 මට්ටම (NVQ4) සහිත සහතිකයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත. මෙහිදී ජාතික වෘත්තීය සුදුසුකම් 4 මට්ටම පාඨමාලා 90ක් සඳහා විවිධ අමාත්‍යාංශ යටතේ පවතින වෘත්තීය පුහුණු ආයතනවලට සිසුන් යොමු කිරීම සිදුකෙරෙන අතර, මාස හයක නිපුණතා පාදක ප්‍රායෝගික පුහුණුවක් සහ තවත් මාස හයක රැකියා ස්ථානයක පුහුණුවීමක්ද ලබාදීමට නියමිතය. සිසුන්ට, මෝටර් රථ තාක්ෂණ, සංචාරක, තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම්, සෞඛ්‍ය හා සත්කාර සේවා, ලෝහ ශිල්පය, ඇඟලුම් ආදි විවිධ ක්ෂේත්‍රවලට යොමුවීමට පසුබිම සකසා ඇත.…