ගණිතය විෂය උගන්වන කළුතර උපකාරක පංති ගුරුවරයෙකු සිසුවියන් 16 දෙනෙකුට ලිංගික අතවර කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය පවසයි.
එම සිසුවියන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිලධාරියෙකුගේ දියණියන් ද වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පන්ති කාමරය තුලදී සිසුවියන්ට ලිංගික අතවර කර ඇති ගුරුවරයා ඔවුන් නිවෙස් වලට ඇරලන මුවාවෙන් කළුතර ලාගෝස් වත්ත ප්‍රදේශයේ කැළයකට රැගෙන ගොස් සිය මෝටර් රථය තුළදී ලිංගික අතවර කර ඇති බවත් එතනින් නොනැවතී ඇති ගුරුවරයා සිය ජංගම දුරකථනයෙන් ඒවා පටිගත කර ඇති බවත් පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඊට අමතරව දැරියන්ට zoom තාක්ෂණය ඔස්සේ පන්ති පවත්වන මුවාවෙන් මවුපියන් නිවෙස්වල නොමැති අවස්ථාවලදී ඔවුන්ට සිය ඇඳුම් ගලවන ලෙස උපදෙස් ලබා දී එම දර්ශන ද පටිගත කර ඇති බව වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම සැකකාර ගුරුවරයා දැරියන්ගේ සියලු නිරුවත් දර්ශන ඔහුගේ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයේ ගබඩා කර තිබී ය දී ඔහුගේ බිරිඳට ඒවා හසු වීමෙන් අනතුරුව එම කාන්තාව ඔවුන්ගේ මව්පියන් දැනුවත් කිරීමත් සමඟම ගුරුවරයාගේ මෙම පහත් ක්‍රියාව අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
ඒ සමගම ගුරුවරයා ප්‍රදේශය හැර පලා ගොස් ඇතැයිද පොලිස් නිලධාරියකු පැවසීය.