පාසල් ළමුන්ව කිසියම් පිරිසක් විසින් පැහැරගැනීමට සැරසෙන උත්සහයක් ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග ආරක්ෂක අංශ විසින් පාසල් ඉදිරිපිට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මන්නාරම දිස්ත්‍රීක්කයේ පාසලක් අසලට වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් පාසල් ළමුන් දෙදෙනෙකුට ආහාර වර්ගයක් ලබාදී එම ළමුන් දෙදෙනා පැහැරගැනීමට උත්සහ දරා ඇති බවත් එවිට එම ළමුන් දෙදෙනො බේරීමට කෑගසා ඇති අතර එයට බිය වී අදාල වෑන් රථය පලා ගොස් ඇත.
අනතුරුව පාසල් ළමුන්ගේ දෙමාපියන් මන්නාරම පොලීසියට හා පාසල වෙතට දැනුම් දීමෙන් පසුව මන්නාරම් දිසාපති කාර්යාලය, පාසල් විදුහල්පතිවරුන්, මන්නාරම පොලීසිය, යුදහමුදාව හා සිවිල් සංවිධාන නියෝජිතයින් එක්ව සාකච්ඡා කර පාසල් ළමුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට තීරණය කර ඇත.
මන්නාරම් නගරයේ පිහිටි පාසල් ඉදිරිපිටට ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා යුදහමුදාව යොදවා ඇති අතරම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් එක්ව ළමුන් දැනුවත් කොට ඇත්තේ පයින් යන්නේ නම් තනිවම පාරේ ගමන් නොකරන ලෙසටයි.