පාසල් ශිෂ්‍යාවක් පළමු මහලෙන් බිමට පනියි

කටුගස්තොට බාලිකා විදුහලක 10 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක එම විදුහලේ ගොඩනැගිල්ලක පළමු මහලෙන් පහළට පැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව පොලීසිය කියයි.

පහළොස් හැවිරිදි වියේ පසුවන එම ශිෂ්‍යාව (09 දා පෙරවරු 11.30 ට පමණ) එසේ තුන් වෙනි මහලෙන් බිමට පැන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ. විදුහලේ ශිෂ්‍ය නායිකාවකද වන එම ශිෂ්‍යාව කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරණියකි .

එම ශිෂ්‍යාවගේ කොඳු ඇට පෙළට බරපතල හානි සිදුවී ඇති බව රෝහල් ආරංචි ආරංචි මාර්ග සඳහන් කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. සී. රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදුකරයි 

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x