නිලූ නිලූ නමින් ෆේස්බුක් ආ පුද්ගලයා අතඩංගුවට

ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ කුඩා දැරියන් හිංසනයට ලක්වන ආකාරයෙන් ඔවුන්ගේ ඡායාරූප ඇතුළත් කළ පුද්ගලයෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ යටවර වත්තේගම ප්‍රදේශයේදීය.

අදාළ පුද්ගලයා  ”නිලූ නිලූ” නමින් ව්‍යාජ ගිණුමක් සකස්කර එහි කුඩා දැරියන්ගේ ඡායාරූප පළකර තිබී ඇත.

40 හැවිරිදි සැකකරු පෞද්ගලික ආයතනයක ගිණුම් ලිපිකරුවෙක් ලෙස සේවය කරන අයෙකු බව පොලිසිය පැවසීය.

වැඩිදුරටත් වාර්තා වන්නේ අදාළ පුද්ගලයා විවාහ දෙකක් සිදුකරගෙන දැනට දික්කසාද වී සිටින පුද්ගලයකු බවය. 

සැකකරු කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x