මගේ දුව කිසිදු පාපතරයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා නෑ.ඒ මම වගකීමෙන් කියන්නේ. මගේ දරුවාට එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ යැයි කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි සිහාරා නිර්මානී දැරියගේ මව වන ඩබ්ලිව්.ඒ.නෙලූකා මහත්මිය පැවැසුවාය.
කළුතර ලැගුම් හලක තෙවන මහලෙන් ඇදවැටි මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට ඇය එක්කර ගෙන ගිය තරුණිය ඇතුළු තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටියි.
මෙසේ මියගොස් ඇත්තේ නාගොඩ පදිංචි සිහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා නමැති සිසුවියකි. ඇය කළුතර බාලිකාවේ 11 වසරේ ඉගෙනුම ලැබුවාය.
සිහාරාගේ මව වන නෙලුකා මහත්මිය මෙසේද පැවැසුවාය.
මගේ දරුවා ඉගෙන ගන්නත් හරිම දක්ෂයි. හැම විෂයකටම ඉහළ ලකුණු ගන්නවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ නවයක් ගන්න බලාපොරොන්තුවෙන් ඇය සිටියා.
මගේ දුව ප්‍රේම සම්බන්දතාවයක් පවත්වන බවට පොඩ්ඩක්වත් දැන ගන්න ලැබුණේ නැහැ. ඒ දරුවා එහෙම කෙනෙක් කියලා මා හිතන්නේ නෑ. කිසිදා නොදුටූ පාපතරයකු මගේ දරුවා බිලිගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා හේතුවෙන් තමන් සහ පවුලේ සාමාජිකයන් මහත් අපහසු තාවයකට පත්වුණා.
මගේ දුව සිද්ධිය වූ දින පස්වරුවේ නිවස අසල දන්සලක රැදී සිටියේ. ඇය ඇඳගෙන හිටියේ නිවසට අදින ගවුම පිටින්ම ඔය කියන දැරිය මගේ දරුවාව එක්කරගෙන ගියේ දන්සලක් කන්න කියල. මම කැමති වුණො නෑ. ඒ වෙලාවේ ඒ දැරිවි කිවා අදට විතරක් එක්කරගෙන යන්නම් අයේ කවදාවත් මම එන්නේ නෑ කියලා.
බෝයි ෆ්‍රෙන්ඩ් මුණගැහෙන්න යද්දී දන්සලකට යනවා කියලා තනියට මගේ දරුව එක්ක ගිහින් මගේ දරුවව පාපතරයකුට බිලිදීලා.
මගේ දරුවගේ වයස අවුරුදු 16 යි. ඇයට අවුරුදු 29 ක පුද්ගලයකු සමග ලැගුම් හලට යන්න උවමනාවක් නෑ. මත්පැන් පානය කළ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළත් මගේ දුව මත්පැන් පානය කරන දැරියක් නොවේ ඒ බව මම වගකීමෙන් කියනවා.
මගේ දුවගේ වයස අවුරුදු 16 නිසා ඇයට ලැගුම් හලකට ඇතුළු වෙන්න බැහැ. ඒ නිසා ප්‍රදේශයේ වෙනත් ගැහැනු ළමයකුගේ හැදුනුම්පතක් ඉල්ලගෙන මගේ දුවව ලැගුම් හල තුලට රැගෙන ගිහින් මේ අපරාධය කරලා.
දැන් අපිට නැතිවෙන්න දෙයක් නෑ. අපිට ලොකු අසාධාරණයක් වුණා. ඒකට සාධාරණයක් ඉටුකරන්න කියා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. මගේ දුවට වූ අපරාධය මේ රටේ තවත් දැරියකට වෙන්න ඉඩ තියන්න එපා යැයි ඇය අවසන් වශයෙන් ඉල්ලා සිටියාය.
(සුමිත් පොතුපිටිය)