ආර්ථිකය ගෙදර යහපැවැත්මටත් ගැටළුක් වෙලා

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් අඩකටත් වඩා එනම් සියයට 52ක තරම් ප්‍රමාණයගේ නිවෙස්වල යහපැවැත්මට ප්‍රධාන තර්ජනය වී ඇත්තේ ආර්ථික සාධක බව හඳුනගෙන ඇතැයි අලුත්ම සමීක්ෂණ වාර්තාවක සඳහන් වේ.

නිවසේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට මෙරට ජනගහණයෙන් සියයට 22.7කට නොහැකි වී ඇති අතර තවත් සියයට 17ක ප්‍රමාණයකට බලපා ඇත්තේ ඉහළ ජිවන වියදම සහ ඒ ආශ්‍රිත ආර්ථික ගැටළු බව ද එම වාර්තාවේ සඳහන් වේ. 

මෙරට ජනගහණයෙන් සියයට 13ක තරම් ප්‍රමණයක ජනතාවක් විරැකියාවෙන් පෙළෙන බව ද එම සමීක්ෂණයේදී අනාවණය වී බව ද එහි සඳහන් වේ. යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය ශ්‍රී ලංකාවේ ජර්මානු තාක්ෂණික සහයෝගීතා ආයතනය, ශ්‍රී ලංකා බැරෝමීටරය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධ – සහයෝගයෙන් එම සමීක්ෂණය සිදු කර තිබේ. 

(රංජන් කස්තුරි)

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x