බලපත්‍රය අලුත් නොකල වාහන අසාදුලේඛණගත කරයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය වසර පහකට අධික කාලයකින් බලපත්‍රය යාවත්කාලීන කර නොමැති වාහන ලක්‍ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් අසාදුලේඛණගත කිරීමට තීරණ කර ඇති බවත් එම වාහනවල ලියාදිංචි අයිතිකරුවන්ට ලියාපදිංචිය අලුත්කර අසාදුලේඛණයෙන් ඉවත්විය හැකි බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ලක්‍ෂ 90 කට ආසන්න වාහන අතරින් වසර පහකට වැඩි කාලයක් බලපත්‍රය අලුත්කර සහ තොරතුරු නොමැති වාහන මෙලෙස අසාදුලේඛණගත කරන බවත් ඊට අදාල කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවාය.

ලියාපදිංචි සමස්ත වාහනවලින් ලක්‍ෂ 55 ක් පමණක් වාර්ෂික බලපත්‍ර අලුත් කර ඇති බවත් වාහන බලපත්‍ර නිකුත් කිරීමට අනිවාර්යයෙන්ම ගත යුතු වායු විමෝචන පරීක්ෂණ සහතික පසුගිය වසර කිහිපයේම ලක්ෂ 50 ත් 55 ත් අතර සංඛ්‍යාවක පැවැති බවත් ඇය කීවාය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ දත්ත පද්ධතියට පළාත් සභා යටතේ ඇති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තු නවයෙහි දත්ත ඇතුළත් කිරීමට නියමිත බවත් එම පද්ධතිය ඉදිරි දින කීපයේදී නිල වශයෙන් හදුන්වාදෙන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

වාහන පැවරීමේ විවෘත ලේඛණ තබාගනිමින් වාහන අළෙවි කරන්නන් සහ වාහන ජාවාරම්වල නිරතව වන පුද්ගලයන්ගෙන් ජනතාව ආරක්‍ෂා කිරීමට මෙම පියවර ගත් බව ද කුසලානි ද සිල්වා මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය. 

(යොහාන් භාසුර)

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x