අද වැඩ වර්ජනයක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 

සමස්ත ලංකා විමර්ශන නිලධාරින්ගේ සංගමයේ සභාපති කෝසල රංගනාත් සඳහන් කළේ , සිය නිලධාරියෙකුට එල්ලවූ ප්‍රහාරයකට විරෝධය පළ කරමින් වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි.

නාරම්මල ප්‍රදේශයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට පහර දී රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනෙකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 

පොලිසිය පැවසුවේ, එහිදී තුවාල ලැබූ නිලධාරීන් 05 දෙනෙකු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x