අද පැය 10ක ජල කප්පාදුවක්

කොළොන්නාව නගර සභා බලප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට අද (08) දිනයේ පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා කොළොන්නාව නගරසභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය,  ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, අතුල්කොට්ටේ, නාවල, කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා වු ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගයන් හි ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පැවසුවේය.

ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් සිදුකරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව පොම්පාගාරය වෙත සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බැවින් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව සඳහන්ය.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් අවශ්‍ය පරිදි ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අදාළ ප්‍රදේශයන් හි මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x