ඩෙංගු වැඩිවීම ගැන සෞඛ්‍ය අංශය අනතුරු අඟවයි

කොළඹ, ගමිපහ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ ඝීඝ්‍ර වර්ධනයක් පවතින බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සදහන් කරයි.

ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් ඇති බවද කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අනතුරු ඇගවීමක් කරයි.

පසුගිය 2022 මැයි මාසය අවසන් වන විට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24,206ක් බවත් මෙම වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 31,098 ක් වාර්තාවීම අවදානම් තත්ත්වයක් බවද සදහන් කරයි.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර දෙවනුවට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

කායික රෝග විශේෂඥ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තවදුරටත් සදහන් කළේ,

“ඩෙංගු රෝගීන් වැඩිවීමේ දැඩි අවදානමක් තිබෙනවා. 2017දී අපි දැක්කා විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. 186,000ක්. ඒ වගේ අවස්ථාවකදී හැම රෝහලකම ඉඩකඩ නැති වුණා. ඒ තත්ත්වයට එයිදෝ කියන අවදානමක් පිළිබඳ සැකයක් අපිට තිබෙනවා දැන් තිබෙන තත්ත්වයත් එක්ක. රෝගීන් වැඩි වුණොත් කළමනාකරණය කරගැනීම ප්‍රායෝගිකව අපහසු වෙනවා.”

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x