බෞද්ධ පාසල් දරුවන් දහම් පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කිරීමට රජය තීරණය කරයි.
දහම් පාසල් අධ්‍යාපනය ලැබීමට අදාළ සන්දේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සදහන් කරයි.
වෙසක් උත්සවයට සමගාමීව දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට මෙම පියවර ගත් බව අමාත්‍ය විදුර වික්‍රමනායක සදහන් කරයි.
ආගම දහමට ලැදියාව අඩුවීම වැනි තත්ත්වයන් තුළ සමාජයේ ඇතිවී තිබෙන නොයෙකුත් විෂමතාවයන් අවම කර ගැනීමට මෙම පියවර ගත් බවද අමාත්‍ය විදුර වික්‍රමනායක සදහන් කරයි.
මෙම වැඩ පිළිවෙළ අනුව දහම් පාසැල් නොයන දරුවන් හඳුනා ගෙන ඔවුන් දහම් පාසල් වෙත යොමු කිරීමට අවධානය යොමුව ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.