ලොවම පුදුම කරමින් මවකගේ ගර්භාෂය තුළදීම බිලිඳියකට සැත්කමක්.!

ලොව ප්‍රථමවරට මවකගේ ගර්භාෂය තුළදීම මොළයේ සැත්කමක් අමෙරිකාවේ බොස්ටන් ළමා රෝහලේදී සිදුකළ සුවිශේෂී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ සැත්කම සිදුකර ඇත්තේ සති 34 ක් පමණ මවගේ කුස තුළ වැඩුණු බිලිඳියකට වන බවත් එම සැත්කමෙන් අනතුරුව මේ වනවිට ඇය සෞඛ්‍ය සම්පන්නව වැඩෙමින් සිටින බවද එරට වෛද්‍යවරුන් සදහන් කරයි.

වෛද්‍යවරුන් පවසන්නේ අදාළ සැත්කමෙන් අනතුරුව මේ වනවිට ඇය සෞඛ්‍ය සම්පන්නව වැඩෙමින් සිටින බවය.

සැත්කම සිදුකර දින දෙකකට පසුව එම බිළිඳිය මෙලොව එළිය දැක ඇත.

සති 30ක් පමණ ගතවනවිට සිදුකළ ස්කෑන් පරීක්ෂාවකදී ඇයගේ මොළයේ සිට හදවත දක්වා රුධිරය ගෙනයන නාළයක් අවහිර වී ඇති බව අනාවරණය වී තිබේ.

ඒ අනුව බොස්ටන් ළමා රෝහලේ වෛද්‍යවරුන් සහ මැසචුසෙට්ස් මහ රෝහල එක්ව මෙම සැත්කම සිදුකර තිබේ.

මෙම තත්ත්වය සහිතව උපත ලබන දරුවන්ගේ ජීවිත දැඩි අවදානමක පවතින බවත් සියයට 50ත් 60ත් අතර ප්‍රමාණයක් ක්ෂණික අසනීප තත්ත්වයන්වලට ගොදුරු වන බවත් විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදෙයි.

මෙවැනි දරුවන්ගේ මරණ අනුපාතය සියයට 40ක් පමණ වන බවත් ඔවුන්ගේ මොළයේ තුවාල හටගැනීම සහ හෘදයාබාධ ඇතිවීමේ දැඩි ප්‍රවණතාවක් ඇති බවත් එම වෛද්‍යවරු වැඩිදුරටත් පවසයි.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x