ප්‍රවීණ රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අද (04දා) අභාවප්‍රාප්ත විය.  

කලා විභූෂණ සම්මාන ලාභී රංගන ශිල්පියෙකු වන ගුණවර්ධන මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 78 වැනි වියේ පසුවිය.

ටෙලිනාට්‍ය දහසකට අධික සංඛ්‍යාවකට සහ චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඥානාංග ගුණවර්ධන මහතා ‘නෝනාවරුනේ මහත්වරුනේ, තට්ටු ගෙවල්^ ආදී ටෙලිනාට්‍යවලින් විශාල ජනප්‍රියත්වයක් ලැබීය.    

තිදරු පියෙකු වන ඒ මහතාගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාවක අද (05දා) පෙරවරු 8.30 සිට තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට (06) සෙනසුරාදා  පස්වරු 3.00 ට සිදු කෙරේ.  

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x