9 දෙනෙකු ඝාතනය කළ පාසල් සිසුවා ගැන තවත් තොරතුරු

සර්බියාවේ බෙල්ග්‍රේඩ් අගනුවර පිහිටි ප්‍රාථමික පාසලක් තුළ සිදුකළ වෙඩි ප්‍රහාරය ගැන තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි 13 හැවිරිදි වියේ පසුවූ දරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි දරුවන් 8 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ.

සැකකාර පාසල් සිසුවා මෙම වෙඩි ප්‍රහාරය එල්ලකිරීමට පෙර ඝාතන සැලසුමක් සකස් කර තිබූ බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් පවසයි.

එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ආසන්න වශයෙන් මාසයකට පමණ පෙර සැකකාර සිසුවා විසින් ඝාතන ලැයිස්තුවක් සකස්කර තිබී ඇති බවය.

මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙන් තවත් සිසුන් 6 දෙනෙකු සහ ගුරුවරියක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබයි.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර සිසුවා සිය පියා සමඟ ගිනි අවිය භාවිත කර ඉලක්කයට වෙඩිතැබීම සිදුකරන වෙඩි පිටිය වෙත ගොස් පුහුණුව ලබා ඇති බවය.

එලෙස ඔහු අවස්ථා ගණනාවක් වෙඩි පිටිය වෙතට ගොස් ඇති බවද හෙළිවී තිබේ.

මෙම තොරතුරු අනාවරණය වීමත් සමඟ සැකකාර සිසුවාගේ මව සහ පියා ද පොලිස් අත්අඩංගුවට ගෙන ට ඇත.

මෙම බිහිසුණු ප්‍රහාරයත් සමඟ සර්බියාවේ දින  ශෝක කාලයක් නම් කිරීමට ද එරට බලධාරීන් කටයුතු කර ඇත.

එසේම එරට ජනාධිපතිවරයා එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ එරට අපාරාධ නඩු පැවරීමේ වයස් සීමාවද වයස අවුරුදු 12 දක්වා අඩුකිරීමට පියවර ගන්නා බවය.

මේ අතර එරට ගිනි අවි සම්බන්ධ නීතිරීති සහ එරට වෙඩි තැබීමේ පුහුණුව ලබාගන්නා ස්ථාන වෙත ඇතුල්වීමේදී ක්‍රියාත්මක වන නීතිරීති දැඩි කිරීමට සහ අවශ්‍ය පියවර ගන්නා බවද සර්බියා ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.

මෙම වෙඩිප්‍රහාරය හේතුවෙන් වයස අවුරුදු 13ත් 14ත් තර දරුවන් පිරිසකට දිවි අහිමිවිය.

ඒ අතර පාසල් දැරියන් 7 දෙනෙකු සහ එක් පිරිමි දරුවෙකු සිටී.

තුවාළ ලැබූ පිරිස අතර පිරිමි දරුවන් සිව්දෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටී.

ඒ අතරින් එක් පිරිමි දරුවෙකුගේ ගෙළට සහ පපුවට වෙඩි වැදී අතර ඔහු ඉතාම බරපතළ තත්ත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

මේ අතර හිසට වෙඩි වැදුණු ගැහැණු දරුවෙකුගේ තත්ත්වය ද බරපතළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x