රුපියල් ලක්ෂ 20ක මුදල් කොන්ත්‍රාත්තුවක් මිතුරකුට ලබාදෙන බවට පොරොන්දු වී ඔහු ලවා බිරිඳ කැබ් රථයකට යටකර ඝාතනය කිරීමට සැලැස්වූ බව කියන එම කාන්තාවගේ 24 හැවිරිදි සැමියා පිටිගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුගේ බිරිඳ ලක්ෂ පනහකට ජීවිත රක්ෂණ හතරක් ලබාගෙන තිබූ අතර එම රක්ෂණ වන්දිය ලබාගැනීමට මෙවැන්නක් සිදු කර ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
හිතාමතාම කැබ් රථයට යට කර මෙම කාන්තාව ඝාතනය කළේ යැයි අත්අඩංගුවට ගෙන සිටින 24 හැවිරිදි සැකකරුගේ හොඳම මිතුරා අත්අඩංගුවට ගැනීමට පිටිගල පොලිසිය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.
බිරිඳ හදිසි රිය අනතුරකට ලක් වී මිය ගිය බව ඒත්තු යන ආකාරයට ඇය ඝාතනය කිරීමට සැකකාර සැමියා සහ ඔහුගේහොඳම මිතුරා සැලසුම් කර ඇතැයි කියති.
අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳ ඇඟලුම් කම්හල් සේවිකාවක් බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පිටිගල පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. ඇයජීවිත රක්ෂණ හතරක් සිදු කරගෙන ඒ සඳහා ඔප්පු හතරක් ද ලබාගෙන තිබිණි යැයි පොලීසිය කියයි.
බිරිඳවාහනයකට හිතාමතාම හප්පා ඝාතනය කර එය හදිසි අනතුරකින් සිදු වූවක් බවට රක්ෂණ සමාගමටඔප්පුකර පෙන්වාඇයගේ රක්ෂණ වන්දි මුදල් ලබාගැනීමට සැමියා මෙවැනි සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ තල් ගස් වල, වත්තහේන ,දියකිතුල්කන්ද්ප්‍රදේශයේ පදිංචිව සිටි හතළිස් හැවිරිදිවන්නිආරච්චිලාගේ නිරෝෂා උදයාංගනී නැමැති ඇඟලුම් කම්හල් සේවිකාවකි.
අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකරු ගාල්ලප්‍රදේශයේ පදිංචි රැකියා විරහිත තරුණයෙකි.