පුටින් ඝාතනයට ඩ්‍රෝන ප්‍රහාරයක්

රුසියානු ජනාධිපති පුටින් ඝාතන තැතක් ව්‍යර්ථ කළ බව ක්‍රෙම්ලිනය පවසයි.

ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් මෙම ඝාතන තැත ක්‍රියාත්මක වූ බව ක්‍රෙම්ලිනය පවසා තිබේ.

ක්‍රෙම්ලින් මන්දිරය ආසන්නයටම පැමිණ තිබූ ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකක් බිම හෙළීමට රුසියාව සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු බලධාරීන් විද්‍යුත් රේඩාර් පද්ධතිය උපයෝගී කරගනිමින් එම යානා බිම හෙලා ඇත.

එම ප්‍රහාරක ඩ්‍රෝන යානාවල කොටස් ක්‍රෙම්ලිනය අවට ප්‍රදේශවලට වැටී ඇති නමුත් එම සුන්බුන් හේතුවෙන් කිසිදු ගොඩනැගිල්ලටකට හෝ හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

එසේම සිද්ධිය වන අවස්ථාවේ රුසියානු ජනාධිපති පුටින් ක්‍රෙම්ලිනය තුළ සිට නොමැති බවද විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව යුක්‍රේනය වෙත සෘජුවම චෝදනා එල්ලකරණ අතර සිද්ධිය සම්බන්ධයෙන් යුක්‍රේනය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.

එසේම රුසියානු බලධාරීන් වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වෙත අවධාරණය කර සිටින්නේ මෙම ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර නිසි වේලාවට එල්ලකිරීමට රුසියාවට අයිතියක් ඇති බවය.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x