ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා ගමන් කළ ජීප් රථයක් වාරියපොල ප්‍රදේශයේ දී තවත් කුඩා ලොරි රථයක ගැටීමෙන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව වාරියපොල පොලිසිය කියයි.
අනතුරින් මන්ත්‍රීවරයාට තුවාල සිදුවී නොමැති අතර ඔහු වෙනත් රථයකින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. වාරියපොල නගර මධ්‍යයේ සිට මීටර් 150 ක් පමණ දුරින් කුරුණෑගල මාර්ගයේදී අනතුර සිදුවී ඇති බව පොලිසිය සදහන් කරයි.
මන්ත්‍රීවරයා ගමන්ගත් ජීප් රථය පාදෙණිය දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් සිටින අතරතුරදී මාර්ගය අසල නවතා තිබූ කුඩා ලොරි රථය එක් වරම මාර්ගය මැදට ගැනීම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් ලොරි රථයේ ගමන් කළ 05 දෙනෙකු සහ මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය පැදවූ රියදුරු තුවාල ලබා එම අවස්ථාවේ දීම වාරියපොල දිසා රෝහලට ඇතුලත් කර ඇත. පසුව එම පිරිස වැඩිදුර ප්‍රථිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාරියපොල පොලිසියේ රථවාහන අංශය විසින් සිදුකරන අතර අනතුරට පත් වාහන දෙක වාරියපොල පොලිසිය බාරයේ පවතී.