විදුලි බිල සංශෝධනය කරයි

එළඹෙන ජූලි මාසයේදී විදුලි බිල සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

රජයේ ප්‍රතිපත්ති සහ 2022 දෙසැම්බර් මාසයේදී ගත් කැබිනට් තීරණයකට අනුව අදාළ සංශෝධන සිදුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

එම තීරණවලට අනුව පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් හඳුන්වාදීමටත් සෑම වසරකම ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ  සමාලෝචනය කර සංශෝධනය කිරීමටත් තීරණය කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x