ජල නල පද්ධතියක යකඩ ඇණ ගැලවූ දෙදෙනා වැලිකඩට

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට ජලය බෙදාහරින වැලිකඩ පොල්දූව මංසන්ධියේ නිපොන් පාලම යට ජල නල පද්ධතියේ යකඩ ඇණ ගැලවූ පුද්ගලයන් දෙදෙනා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් සමග එම ජල නල පද්ධතිය සම්බන්ධ කර සවිකර තිබූ යකඩ ඇණ 30ක් නට් 30ක් හා වොශර් 30ක් පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් මස 28 වැනි දින මෙම සොරකම සිදුකර තිබූ අතර එම නලයෙන් ජලය පිටාර ගලන අයුරු දුටු පුද්ගලයකු කළ දැනුම්දීමක් අනුව ජලාපවාහන මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු අනිකුත් නඩත්තු සේවකයන් පැමිණ එය යථා තත්ත්වයට පත් කර තිබේ.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය බෙදා හැරීම සඳහා ස්ථාපිත කර තිබූ විශාල ජල නලයේ යකඩ ඇණ ගැලවීම හේතුවෙන් පැය 10 ක කාලයක් පුරා බත්තරමුල්ල, තලංගම, රාජගිරිය හා වැලිකඩ ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම නොවීමෙන් පාරිභෝගිකයන් දහසකට අධික ප්‍රමාණයක් දැඩි අපහසුතාවයට පත්වීය.

වැලිකඩ පොලීසිය සැකකරුවන් දෙදෙනා ඇතුල්කෝට්ටේ මාලිගාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සොරා ගෙන තිබූ යකඩ ඇන සහ අනෙකුත් වොශර් හා නට් ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන ස්ථානයකට කිලෝ ගණනට විකුණා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.

තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් වන සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x