එක් කාන්තාවක් කාන්තාවෝ 9ක් අලෙවි කරළ

කාන්තාවක් විසින් තවත් කාන්තාවන් නව දෙනකු මුදලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබී ඇති අතර පොලිසියට ලද තොරතුරක් මත ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් උපාය දූතයෙකු කාන්තාවක් මුදලට මිලදී ගැනීමේ මුවාවෙන් යොදවා වැටලීම සිදුකර ඇත 

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 20 සහ 43 අතර පසුවන මිද්දෙණිය කහටගස් තැන්න, ගංකන්ද, මැදවච්චිය, බුත්තල, මොරටුව, පොතුවිල්, රක්වාන, රත්මලාන හා වාද්දුව පදිංචිකාරියක්ය.

සැකකාරියන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x