ශ්‍රී ලංකාවේ පොල් වතුර සඳහා විශාල ඉල්ලුමක්

අප විසින් දෛනිකව ඉවත දමන පොල් වතුර සහ තැඹිළි වතුර සඳහා විදෙස් වෙළෙඳපොළේ ඉතා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින බව පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

මේ වන විටත් තැඹිළි වතුර අපනයන ක්‍රියාවලිය මෙරටදී සාර්ථකව සිදුවන නමුත්, පොල් වතුර ඇසුරුම්කරණය සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ අවධානය යොමුව නොමැත.

මෙරට සමස්ත පොල් නිෂ්පාදනයෙන් ගෘහස්ථ පරිභෝජනය හැරුණු කොට පොල් ගෙඩි වැඩි ප්‍රමාණයක් කොප්පරා සහ දිසිඳි පොල් නිෂ්පාදන කර්මාන්තය සඳහා භාවිතා කෙරේ. එමගින් පොල් වතුර විශාල ප්‍රමාණයක් අපතේ යන බව පොල් පර්යේෂණ ආයතනය හඳුනාගෙන ඇත.

විදෙස් වෙළෙඳපොළේදී පොල් වතුර ශක්ති ජනක පානයක් ලෙස අලෙවි වන අතර, පොල් වතුර ලීටරයක් අඩංගු ඇසුරුමක් විදෙස් වෙළෙඳපොලේදී ඇමරිකානු ඩොලර් 4-5 අතර මිලකට අලෙවි කෙරේ. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ද ඇතැම් වෙළෙඳසල්වල පොල් වතුර අලෙවි කරන අතර, මෙරටදී පොල් වතුර වීදුරුවක් අලෙවි කරන්නේ රුපියල් 30-40ත් අතර අතර මිලකටය.

එබැවින් පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේ ප්‍රයෝජනයට නොගෙන විසිකරනු ලබන පොල් වතුර ඇසුරුම්කරණය මගින් විදේශ විනිමය ඉපැයීමේ අවස්ථාව පවතින බවයි. තවද ඇසුරුම්කරණයේ සිට අපනයන වෙළෙඳපළ වෙත ගමන් කිරීමට අවශ්‍ය දැනුම සිය ආයතනය මේ වන විටත් ලබාදෙන බව පොල් පර්යේෂණ ආයතනය සඳහන් කළේය.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x