ඌව පළාතේ ප්‍රථම ප්‍රධාන ලේකම්වරිය ලෙස දමයන්ති පරණගම මහත්මිය මේ මස (4) දා වැඩ බාරගැනීමට නියමිතය .
දමයන්ති පරණගම මහත්මිය බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කළාය.
වසර 25 ක කාලයක් රාජ්‍ය සේවයේ නියුතු පරණගම මහත්මිය ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි .
රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන පරණගම මහත්මිය කැළනිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යා ශාස්ත්‍රපති උපාධියද, ව්‍යාපාර පරිපාලය පිළිබදව පශ්චාත් උපාධියද ලබාගෙන තිබේ .
අගුණුකොලපැලැස්ස සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස රාජ්‍ය සේවයට බැදී ඇති පරණගම මහත්මිය , බෝපේ පෝද්දල , සහකාර ලේකම්වරිය ලෙසද කටයුතු කර තිබේ .
ඉක්බිති අක්මීමන ප්‍රාදේශීය ලේකම්වරිය ලෙසත් හික්කඩුව ප්‍රාදේශීය ලේකම්වරිය ලෙසත් කටයුතු කරතිබේ .
අතිරේක දිස්ත්‍රික් ලේකම් ලෙස මාතර සේවය කිරීමෙන් පසු ස්වේශකටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ධුරය හොබවමින් සිටියදී බදුල් දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස පත්වී තිබේ .
ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජයරත්න මහතා විශ්‍රාම යාමෙන් පසු එම තනතුරට පරණගම මහත්මිය පත්කර තිබේ.
පාලිත ආරියවංශ