ෆේස්බුක් කාර්ය මණ්ඩලය 10,000ක් කපා හැරීමට යයි

ෆේස්බුක් සමාගමේ මීළඟ සේවක කප්පාදුව නුදුරේදීම සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙටා සමාගමේ හිමිකරු වන මාර්ක් සකර්බර්ග් ගේ විශේෂ සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව ෆේස්බුක් සමාගමේ සේවක කප්පාදුවක් මෙවර සිදුවන්නේ තුන්වන වරටය.

මීට පෙර දෙවතාවක් එහි සේවක කප්පාදුවක් සිදුවූ අතර එමගින් ලොව පුරා සේවකයින් 21,000ක් පමණ සේවයෙන් ඉවත්කෙරුණි.

මෙවර සේවක කප්පාදුව මැයි මාසයේ සිදුවන බව අදාළ සටහන මගින් මාර්ක් සකර්බර්ග් පවසා තිබේ.

ඔහු පවසන්නේ ඒ හරහා දක්ෂයින් පමණක් ෆේස්බුක් සේවයට ඉතිරිවනු ඇති බවය.

මේ අතර නුදුරේදීම ෆේස්බුක් වෙත නව අත්දැකීම් රැසක් එක්කරන බවද ඔහු අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මූලාශ්‍ර:

https://www.bbc.com/news/technology-64954124

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x