බෙංගමුව පුහුල්හේන් වලකඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ මැර කණ්ඩායමක් 13 හැවිරිදි පාසල් සිසුවකු මව පියා ඇතුළු සිව් දෙනකු කපා කොටා බරපතල තුවාල සිදුකර පළා ගොස් ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි.
ඌරුබොක්ක පොලිස් වසමේ බෙංගමුව,තැන්නහේන,පුහුල්හේන්වලකඩ ප්‍රදේශයේ නිවසට රාත්‍රි 9.00 ට පමණ පැමිණි කණ්ඩායමක් නිවසේ සිටී මව,පියා,පුතා සහ දියණිය යන සිව්දෙනා කපා කොටා තුවාල සිදුකර යතුරු පැදිවලින් පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි.
ත්‍රීරෝද රථවලින් පැමිණි මැර කණ්ඩායමක් මුහුණු වසා පැමිණ නිවසේ සිටී පිරිස මෙසේ කපා කොටා ඇතිඅතර 119 හදිසි දුරකථන අංකයට ලද පණිවිඩයකට අනුව පොලීසියේ නිළධාරින් පිරිසක් පැමිණ තුවාල කරුවන් ඌරුබොක්ක හීගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත්තේය.
බරපතල තත්ත්වයේ සිටී මව සහ පුතා වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරු කර යවා ඇති බවට පොලීසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ මව,පියා,දියණිය හා පුතා යන සිව් දෙනායි.13 හැවිරිද පාසල් සිසුවකු හා ඔහුගේ 51 හැවිරිදි පියා,51 හැවිරිදි මව හා 17 හැවිරිදි සහෝදරිය තුවාල ලබා ඇත.