සුඩානයේ සිටි ලාංකිකයන් 13ක් ඉවත් කර ගනියි

සුඩාන ජනරජයේ අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන අවශ්‍යතාව බවට පත්ව ඇතැයි විදේශ කටයුුතු අමාත්‍යාංශය කියයි.

වර්තමානයේ සුඩානයේ පවතින ආරක්ෂක තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණය කරන ශ්‍රී ලංකාව, එහි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කරගැනීම සඳහා ඉන්දීය රජය සහ සෞදි අරාබිය ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරන බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කයිරෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කාර්ටූම් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය, ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ඉවත් කරගැනීම සඳහා සුඩාන බලධාරීන්, කාර්ටූම් හි ඉන්දීය තානාපති කාර්යාලය ඇතුළු කාර්ටූම් හි අදාළ පාර්ශ්ව සමඟ  නිරන්තර සබඳතා පවත්වන බවද අමාතයාංශය දන්වා සිටියි.

අද දින (අප්‍රේල් 26) උදෑසන වන විට, සෞදි රජයේ සහය ඇතිව ඉවත් කර ගත් ශ්‍රී ලාංකිකයන් දහතුන් දෙනෙකු (13) ශ්‍රී ලංකාවේ වැඩබලන කොන්සල් ජනරාල්වරයා විසින් ජෙඩාහි දී භාරගන්නා ලදී. ඉවත් කරගැනීම සඳහා නියමිත තවත් ශ්‍රී ලාංකිකයන් දොළොස් දෙනෙකු (12) සුඩාන වරායේ රැඳී සිටිති.

සුඩානයේ පවතින අස්ථාවර ආරක්ෂක තත්ත්වය හමුවේ ආරක්ෂිතව ගමන් කිරීම සඳහා  පහසුකම් සැලසීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය, කාර්ටූම් හි ඉතිරිව සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කරගැනීම සඳහා සෑම උත්සාහයක්ම දරන බවද අමාත්‍යාංශය කියයි.

හදිසි අවස්ථාවක දී සහය ලබාගැනීම සඳහා slcaironsular@gmail.com යන විද්‍යුත් ලිපිනය සහ +201272813000 යන දූරකථන අංකය ඔස්සේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සහ +249912394035 යන දූරකථන අංකය ඔස්සේ කාර්ටූම් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් සයෙඩ් අබ්දෙල් මහතා සමඟ සම්බන්ධ විය හැකි ය.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x